UPDATE :යාපනයේ මියගිය රෝගීන් තිදෙනෙකුට ම මී උණ – අනිත් මරණ සංකූලතා මත සිදු වූවක් (වීඩියෝ)

යාපනය රෝහලේ හඳුනා නොගත් යැයි පැවසුණු උණ රෝගී තත්ත්වයෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇති බවත්, ඉන් තිදෙනෙකු මී උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවටත් තහවුරු වී ඇති බව යාපනය
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසනවා.

මියගිය තිදෙනෙකු මී උණ රෝගයෙන් මියගොස් ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති
බවයි හෙතෙම සඳහන් කළේ.

රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ; මියගිය අනෙක් තිදෙනාට ද උණ රෝගී තත්ත්ව වැළඳී ඇති අතර ඉන් ඇති වූ විවිධ සංකූලතා මරණයට හේතුව බවට නිගමනය කරන බවයි.

යාපනය රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 06 දෙනෙකු කෙටි කාලයක් තුළ උණ රෝගයෙන් මියගිය අතර එක් පුද්ගලයෙකු මුලතිව් රෝහලේ දී මියගොස් තිබුණා.

පැවති අධික වර්ෂාපතනය සමග මී උණ රෝගය වැළඳී ඇතැයි වෛද්‍යවරුන් නිගමනය කරන බවත් ඉදිරියේදීත් ගොවි ජනතාව ඉන් ආරක්ෂා වීමට වගා කටයුතුවලට පළමුව මී උණ වැළැක්වීම වෙනුවෙන් වන ඖෂධ ලබා ගැනීම වැදගත් බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 20 – 65ත් අතර වියෙහි පසුවන්නන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48