ඩොලර් මිලියන 6.2ක අති නවීන හමුදා සන්නිවේදන වාහන චීනයෙන් ශ්‍රී ලංකාවට

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.,

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එම රථ නිල වශයෙන් භාර ගනු ලැබුවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින්.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ විසින් චීන හමුදාවෙන් යුද හමුදාවට සිදු කළ මෙම පරිත්‍යාග භාර ගැනීමෙන් අනතුරුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඒවා ආරක්‍ෂක ලේකම් වෙත භාර දී තිබෙනවා.

එහිදී ඔහු සංකේතාත්මකව එහි යතුරු යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ වාහන පරීක්‍ෂා කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.

ඉදිරියේදී අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරගෙන ඇත්තේ.

උත්සවයේ කටයුතු අවසන් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සහ උත්සවය සංකේතවත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03