ඩොලර් මිලියන 6.2ක අති නවීන හමුදා සන්නිවේදන වාහන චීනයෙන් ශ්‍රී ලංකාවට

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ පෙලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.,

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එම රථ නිල වශයෙන් භාර ගනු ලැබුවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින්.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ විසින් චීන හමුදාවෙන් යුද හමුදාවට සිදු කළ මෙම පරිත්‍යාග භාර ගැනීමෙන් අනතුරුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඒවා ආරක්‍ෂක ලේකම් වෙත භාර දී තිබෙනවා.

එහිදී ඔහු සංකේතාත්මකව එහි යතුරු යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ වාහන පරීක්‍ෂා කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.

ඉදිරියේදී අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරගෙන ඇත්තේ.

උත්සවයේ කටයුතු අවසන් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සහ උත්සවය සංකේතවත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12