ලංගම බස් රියදුරෙකුට මහනුවර දී උල් ආයුධයකින් ඇනලා

මහනුවර – උතුර ඩිපෝවට අනුයුක්තව සේවය කරන බස් රථ රියදුරෙකුට උල් ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදුකළ බව කියන ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ රියදුරා අද (20) දහවල් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර තැපල් කාර්යාලය ඉදිරිපිට බස් රථය ගාල් කිරීමට යාමේ දී අසළ තිබූ ත්‍රිරෝද රථයක් මදක් ඉවතට ගන්නා ලෙස කළ දැනුම්දීමකින් අනතුරුව ඇති වූ බහින් බස්වීමක දී ත්‍රිරෝද රථ රියදුරා විසින් බස් රථ රියදුරාගේ මුහුණට උල් ආයුධයකින් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ බස් රථ රියදුරා වහාම රෝහල් ගත කිරීමට බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු අසල සිටි පිරිස් කටයුතු කර තිබෙනවා.

සිද්ධියෙන් පසු පලා ගොස් ඇති සැකකාර ත්‍රිරෝද රථ රියදුරා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හඳුනාගෙන ඇති බවයි මහනුවර පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
7
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?