ලංගම බස් රියදුරෙකුට මහනුවර දී උල් ආයුධයකින් ඇනලා

මහනුවර – උතුර ඩිපෝවට අනුයුක්තව සේවය කරන බස් රථ රියදුරෙකුට උල් ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදුකළ බව කියන ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ රියදුරා අද (20) දහවල් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර තැපල් කාර්යාලය ඉදිරිපිට බස් රථය ගාල් කිරීමට යාමේ දී අසළ තිබූ ත්‍රිරෝද රථයක් මදක් ඉවතට ගන්නා ලෙස කළ දැනුම්දීමකින් අනතුරුව ඇති වූ බහින් බස්වීමක දී ත්‍රිරෝද රථ රියදුරා විසින් බස් රථ රියදුරාගේ මුහුණට උල් ආයුධයකින් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ බස් රථ රියදුරා වහාම රෝහල් ගත කිරීමට බස් රථයේ කොන්දොස්තරවරයා ඇතුළු අසල සිටි පිරිස් කටයුතු කර තිබෙනවා.

සිද්ධියෙන් පසු පලා ගොස් ඇති සැකකාර ත්‍රිරෝද රථ රියදුරා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හඳුනාගෙන ඇති බවයි මහනුවර පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14