කතකට අයුතු යෝජනාවක් කළ කට්ටඩියා ඝාතනය කරලා

මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරගහහේන, යකහලුව ප්‍රදේශයේ පදිංචි කට්ටඩියෙක් ලෙස කටයුතු කළ 40 හැවිරිදි අයෙක් බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය වූ කට්ටඩියා, සැකකරුවන්ගේ නිවසකට ගොස් මීට දින කීපයකට ඉහතදී එම නිවසේ දියුණුව සඳහා යාතිකාවක් කර
තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු සිදුකළ බව කියන අයුතු යෝජනාවකට එම නිවසේ කාන්තාව අකමැත්ත පළකර ඇති බවයි පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

එලෙස සිදුකළ යෝජනාවට අකමැත්ත පළකිරීම හේතුවෙන් එම නිවැසියන්ට නොයෙකුත් කරදර දෙන අන්දමේ යම් දෙයක් සිදුකළ බව පවසමින් ප්‍රධාන සැකකරු ඊයේ (18) සවස කට්ටඩියා පදිංචිව සිටි නිවසට පැමිණ තිබෙනවා.

එහිදී කට්ටඩියා සහ පැමිණි පිරිස අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහරදීමෙන් අනතුරුව එම පිරිස ඉන් පිටව ගොස් ඇති අතර, පහරකෑමෙන් කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ සිටි කට්ටඩියා රෝහලට රැගෙන යන විට මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි මොරගහහේන පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46