spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතකට අයුතු යෝජනාවක් කළ කට්ටඩියා ඝාතනය කරලා

මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරගහහේන, යකහලුව ප්‍රදේශයේ පදිංචි කට්ටඩියෙක් ලෙස කටයුතු කළ 40 හැවිරිදි අයෙක් බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය වූ කට්ටඩියා, සැකකරුවන්ගේ නිවසකට ගොස් මීට දින කීපයකට ඉහතදී එම නිවසේ දියුණුව සඳහා යාතිකාවක් කර
තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු සිදුකළ බව කියන අයුතු යෝජනාවකට එම නිවසේ කාන්තාව අකමැත්ත පළකර ඇති බවයි පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

එලෙස සිදුකළ යෝජනාවට අකමැත්ත පළකිරීම හේතුවෙන් එම නිවැසියන්ට නොයෙකුත් කරදර දෙන අන්දමේ යම් දෙයක් සිදුකළ බව පවසමින් ප්‍රධාන සැකකරු ඊයේ (18) සවස කට්ටඩියා පදිංචිව සිටි නිවසට පැමිණ තිබෙනවා.

එහිදී කට්ටඩියා සහ පැමිණි පිරිස අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහරදීමෙන් අනතුරුව එම පිරිස ඉන් පිටව ගොස් ඇති අතර, පහරකෑමෙන් කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ සිටි කට්ටඩියා රෝහලට රැගෙන යන විට මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි මොරගහහේන පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?