බුර්කාවකින් සැරසී කාන්තා වැසිකිළියක් තුළ වීඩියෝ කළ තරුණයා අත්අඩංගුවට

කේරළයේ කොචි හි ජනප්‍රිය සාප්පු සංකීර්ණයක කාන්තා වැසිකිළියකට බුර්කාවකින් සැරසී ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කාන්තා වැසිකිළියට ඇතුළු වී ජංගම දුරකථනයක් හොර රහසේ ඒ තුළ රඳවා එහි දර්ශන පටිගතවීමට සලස්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය බදාදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකු බවයි වාර්තා වුණේ.

මොහු අභිමන්යු නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක සේවය කරන අයෙකු බවයි කේරළ පොලිසිය පැවසුවේ.

සාප්පු සංකීර්ණයේ ඇති කාන්තා වැසිකිළිය තුළ ජංගම දුරකථනය රහසිගතව තබා ඉන් එළියට පැමිණ ඇති සැකකරු වැසිකිළියේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහුගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් වෙළෙඳ සංකීර්ණයේ ආරක්‍ෂක නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය එම ස්‌ථානයට පැමිණ සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී මෙලෙස බුර්කාවකින් සැරසී සිටින්නේ පිරිමි පුද්ගලයෙකු බවට අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

ඉන් පසුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහු විසින් කාන්තා වැසිකිළිය තුළ සැඟ වූ ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු මීට පෙර වෙනත් ස්ථානවල මෙවැනි ක්‍රියා සිදුකර ඇත්දැයි පිළිබඳව සොයා බැලීමට පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
6
+1
2
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?