ඝාතනය කළ බවට සැක කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හබරාදූවේ නිවසක

හබරාදූව, ගිනිගල, ඩී.සී අමරසිංහ මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක මිදුලේ තිබී කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට අද (08) අලුයම පොලිසියට හැකිව තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුරු දෙක සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ නිවසේ පදිංචිව සිටි බව කියන වයස අවුරුදු 87 සහ 82 යන වයස්වල පසුවූ අවිවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මෙලෙස සොයාගැනීමට හැකිව තිබෙනවා.

එක් කාන්තාවකගේ හිසට ගලකින් පහර දී ඝාතනය කර ඇති බවට විමර්ශන සිදුකරන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර, අනෙක් කාන්තාවගේ සිරුරේ සිරීම් තුවාල ඇති බවට විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම කාන්තවන් දෙදෙනා අලුයම් කාලයේ මිදුලේ පිහිටි දිවුල් ගසක දිවුල් ඇහිඳීමට ගිය අවස්ථාවේ ඝාතනයට ලක්වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් දෙදෙනා විශ්‍රාමික ගුරුවරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23