බුර්කාවකින් සැරසී කාන්තා වැසිකිළියක් තුළ වීඩියෝ කළ තරුණයා අත්අඩංගුවට

කේරළයේ කොචි හි ජනප්‍රිය සාප්පු සංකීර්ණයක කාන්තා වැසිකිළියකට බුර්කාවකින් සැරසී ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කාන්තා වැසිකිළියට ඇතුළු වී ජංගම දුරකථනයක් හොර රහසේ ඒ තුළ රඳවා එහි දර්ශන පටිගතවීමට සලස්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය බදාදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකු බවයි වාර්තා වුණේ.

මොහු අභිමන්යු නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක සේවය කරන අයෙකු බවයි කේරළ පොලිසිය පැවසුවේ.

සාප්පු සංකීර්ණයේ ඇති කාන්තා වැසිකිළිය තුළ ජංගම දුරකථනය රහසිගතව තබා ඉන් එළියට පැමිණ ඇති සැකකරු වැසිකිළියේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහුගේ සැක කටයුතු හැසිරීම හේතුවෙන් වෙළෙඳ සංකීර්ණයේ ආරක්‍ෂක නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය එම ස්‌ථානයට පැමිණ සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී මෙලෙස බුර්කාවකින් සැරසී සිටින්නේ පිරිමි පුද්ගලයෙකු බවට අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

ඉන් පසුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔහු විසින් කාන්තා වැසිකිළිය තුළ සැඟ වූ ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු මීට පෙර වෙනත් ස්ථානවල මෙවැනි ක්‍රියා සිදුකර ඇත්දැයි පිළිබඳව සොයා බැලීමට පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42