Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රට යන්න තහනම් කරමින් සූගීෂ්වරට ඇප දෙයි

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්, සූගීෂ්වර බණ්ඩාර ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (18) දිනයේදී මෙම නියෝගය නිකුත් කළා.

ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප දෙකක් සහ ලක්‍ෂ 05ක මුදල් ඇපයක් මත සැකකරුට ඇප නියම කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් ද තහනම් කිරීමේ නියෝගයක් ද මහේස්ත්‍රාත්නිවරයා විසින් නියම කර තිබෙනවා.