රුසියාව සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි

යුක්රේනය සමග සිදු කළ යුතු සාම සාකච්ඡා පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන් පසු අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අප්‍රිකානු සාම මුලපිරීමක් මෙන්ම චීනය ද මේ සඳහා පදනම විය හැකි බවයි.

යුක්රේන හමුදාව තම හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන විට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවයි ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ.

යුක්රේනය සහ රුසියාව මීට පෙර පවසා තිබුණේ පූර්ව කොන්දේසිවලින් තොරව තමන් සාකච්ඡා මේසයට නොපැමිණෙන බවයි.

යුක්රේනයට අවශ්‍ය වන්නේ 1991 දී තිබූ පරිදි එහි දේශසීමා යළි ස්ථාපිත කිරීම වන අතර එය රුසියාව දැඩි ලෙස විරුද්ධ වන කටයුත්තක්.

රුසියාව තර්ක කරන්නේ ඒ වෙනුවට සාකච්ඡා පැවැත්වීමට නම් යුක්රේනය තම රටේ නව භෞමික යථාර්ථය පිළිගත යුතු බවයි.

යුක්‍රේන පෙරමුණේ ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව සෙනසුරාදා රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවේදී පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා වාර්තාකරුවන්ට පැවසුවේ මේ මස මුලදී ක්‍රිමියානු පාලමක පිපිරීමකින් පසු වැළැක්වීමේ ප්‍රහාර කිහිපයක් සිදු කළ බවයි.

පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය පාලම් සිද්ධියෙන් පසුව එය යුක්රේනයේ “ත්‍රස්තවාදී” ක්‍රියාවක් ලෙසටයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

යුක්රේන අර්ධද්වීපය රුසියාවට සම්බන්ධ කරන පාලමේ පිපිරීමට තමන් වගකිව යුතු බව කියෙව් නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

රුසියානු-අප්‍රිකා සමුළුව සිදු වන්නේ අප්‍රිකානු රටවල් හතක නායකයින් සහ නියෝජිතයින් ඇතුළු කණ්ඩායමක් පසුගිය මාසයේදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ පුටින් මහතා හමුවීමෙන් පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49