මානසික රෝහලේ රෝගියාගේ මරණයට ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතායි නියෝගය ලබාදුන්නේ.

සෞඛ්‍ය සේවා සහායකයන් ද ඇතුලු සැකකරුවන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසයි.

ඒ අනුව සැකකරුවන් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයින් වන අතර අදාළ මරණය සිදුවී ඇත්තේ පහරදීමක් නිසා බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

අවුරුදු 48ක් වයසැති එක් දරු පියෙකු වන මියගිය පුද්ගලයා, පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි මෙම පුද්ගලයා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙසට සේවය කරමින් සිටි අයෙක්.

රෝගියාගේ සිරුරේ තිබූ පැල්ලම් හේතුවෙන් මෙම මරණය සැකසහිත බව ඥාතීන් විසින් චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමට ද ඔවුන් විසින් පියවර ගෙන තිබුණා.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන  දෙකට වෙන් වූ කොසු මිටක්  ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මීට සතියකට පමණ ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව සඳහන්.

මෙම රෝගියා 25 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පාලනය කිරීමට යාමේදී බිම ඇද  වැටුණු බවටයි   රෝහල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබී ඇත්තේ.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?