ඩෙංගු රෝගීන් 50,264ක් – මරණ තිස් එකෙන් වැඩිම පිරිසක් අවුරුදු 25ත් – 49ත් අතර

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 50,264 දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරනවා.

ගෙවී ගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,816ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය පැවසුවේ.

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් 25,048ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 11,003ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 10,801ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3175ක් වාර්තා වී ඇති බව සඳහන්.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව ද ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඉන් පස්දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, කොළඹ, මඩකලපුව, පුත්තලම, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගය වැළදුණු සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

එමෙන්ම කළුතර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවලින් ඩෙංගු මරණ දෙක බැඟින් ද කුරුණෑගල, යාපනය, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් ඩෙංගු මරණය බැඟින් ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ.

මෙලෙස මිය ගිය අය අතර, වයස අවුරුදු 01ට අඩු කුඩා දරුවෙක් වයස අවුරුදු 05 – 09 අතර දරුවන් දෙදෙනෙක් ද වනවා.

ඩෙංගු රෝගය වැළඳීමෙන් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ත් – 49ත් අතර වයසේ පසුවන අයවන අතර එම සංඛ්‍යාව 15ක්.

මේ අතර ඩෙංගු මර්ධන ඒකකය තුළ සේවය කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙක් අනුප්‍රාප්තිකයෙකු නොමැතිව වෙනත් ස්ථානවලට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00