වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරියකින් එක් ලක්ෂ අසූ දහසක් වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ, දෙල්කඳ හන්දියේ වෙෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරියකින් මෙලෙස කිරි බෝතල් සොරාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කිරි බෝතල් තොගයෙන් බෝතල් 12ක් සහ සොරකමට යොදාගත් ලියාපදිංචි අංකය වෙනස් කරන ලද තිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ත්රිරෝද රථයේ ලියාපදිංචිය අංකය වෙනස් කර තිබි ඇති අතර ඉකුත් 30 දහවල් කාලයේදී කිරි බෝතල් ප්රවාහනය කරමින් තිබූ ලොරිය නුගේගොඩ, දෙල්කඳ ප්රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා රියදුරු සහ සහයක වෙෙළඳසැලට ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ත්රිරෝද රථයෙන් ලොරි රථය අසලට පැමිණ ලොරියේ දොර හොර රහසේ විවෘත කර කිරි බෝතල් තොගයක් සොරා ගෙන ගොස් තිබිණි.
ඒ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී එම ත්රිරෝද රථය හඳුනාගෙන වැල්ලම්පිටිය කළු පාලම අසලදී සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.



