AFC Banner
Empty Ad
Empty Ad

‘අස්වැසුම’ සම්බන්ධයෙන් අභියාචනා හා පැමිණිලි දිනක් තුළ ලක්ෂය ඉක්මවයි

‘අස්වැසුම’ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් අභියාචනා සහ පැමිණිලි 106,151ක් ඊයේ (26) දිනය වනවිට ලැබී ඇති බව අස්වැසුම ප්‍රතිලාභදීමනා වැඩසටහනේ සභාපති බී. විජේරත්න සඳහන් කරනවා.

එම සංඛ්‍යාවෙන් 99,710ක් අභියාචනා බවත් 6,441 විරෝධතා බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙලෙස ලැබෙන අභියාචනා සහ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව සුබසාධන දීමනාව හිමිවන පුද්ගලයින්ගේ අවසාන ලැයිස්තුව පිළියෙල කිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම සුබසාධන දීමනාව හරහා තමන්ට විශාල අසාධාරණයක් වූ බවට අද දිනයේ පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ‘අස්වැසුම’ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් අභියාචනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීම අද (27) දිනයේත් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුකෙරෙනවා.

‘අස්වැසුම’ සුබසාධන දීමනාව හරහා සමෘද්ධිය ඇතුළු අනෙකුත් දීමනා ලැයිස්තුවලින් තම නම කපාහැර ඇති බව පවසමින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිඉපිට දී ඊයේ දිනයේ විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?