‘අස්වැසුම’ සම්බන්ධයෙන් අභියාචනා හා පැමිණිලි දිනක් තුළ ලක්ෂය ඉක්මවයි

‘අස්වැසුම’ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් අභියාචනා සහ පැමිණිලි 106,151ක් ඊයේ (26) දිනය වනවිට ලැබී ඇති බව අස්වැසුම ප්‍රතිලාභදීමනා වැඩසටහනේ සභාපති බී. විජේරත්න සඳහන් කරනවා.

එම සංඛ්‍යාවෙන් 99,710ක් අභියාචනා බවත් 6,441 විරෝධතා බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙලෙස ලැබෙන අභියාචනා සහ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව සුබසාධන දීමනාව හිමිවන පුද්ගලයින්ගේ අවසාන ලැයිස්තුව පිළියෙල කිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම සුබසාධන දීමනාව හරහා තමන්ට විශාල අසාධාරණයක් වූ බවට අද දිනයේ පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ‘අස්වැසුම’ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් අභියාචනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීම අද (27) දිනයේත් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුකෙරෙනවා.

‘අස්වැසුම’ සුබසාධන දීමනාව හරහා සමෘද්ධිය ඇතුළු අනෙකුත් දීමනා ලැයිස්තුවලින් තම නම කපාහැර ඇති බව පවසමින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිඉපිට දී ඊයේ දිනයේ විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40