Empty Ad
Empty Ad
 Empty Ad

උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක්

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නීතිමය වශයෙන්ම ප්‍රකාශයට පත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය, පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ද යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බවයි.

එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබෙනවා.

ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

ඉදිරි අභියෝග ජය ගත හැකි අනාගත පරපුරක් ගොඩනැඟිම සහ පුහුණු ශ්‍රම බලකායක් රට තුළ ගොඩනැඟීමට අධ්‍යාපන ක්‍රමයේ සිදු කළ යුතු කඩිනම් සංශෝධන පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස් කරන්නේ නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවයි අවධාරණය කළේ.

වසර 13ක කාලයක් ළමුන් පාසැල් අධ්‍යාපනයයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කර තිබෙනවා.

එසේම අධ්‍යාපනය තාක්ෂණය සමඟ බද්ධව ඉදිරියට යාමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළා.

රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කරනු ලැබුවා.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුහුණු ශ්‍රම බලකායක් සිටින රටක් නියත වශයෙන් සංවර්ධනය කරා ගමන් කරන බැවින් ඉදිරි ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය පුහුණ ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතු බවයි ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

අධ්‍යාපනය ගැන කතා කිරීමට පෙර අපේ දීර්ඝ කාලීන ආර්ථික දර්ශනය පිළිබඳ කථා කළයුතුයි. අධ්‍යාපනය ඊට සමගාමීව ගමන් කරනවා මිස පාරවල් දෙකක යා නොහැකියි. අපි කෙටිකාලීනව උත්සහා කරන්නේ ණය ප්‍රශ්නයෙන් නිදහස් වීමට. ඉන් පසුව රට ඉදිරියට ගෙන යාමට නම් සමස්තයක් ලෙස අවුරුදු තුනකින් පමණ 8% ක 9% ක ආර්ථික වර්ධන වේගයක් ළගා කරගෙන එය අවුරුදු දහයක් වත් පවත්වාගෙන යා යුතුයි. එලෙස කිරීමෙන් පමණයි අපට දියුණුවීමට හැකියාව ලැබෙන්නේ.

ආර්ථික වර්ධන වේගයට බලපාන කරුණු කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන ඉහළ නංවා ගත හැකි නම් එය විශාල දියුණුවක්. එහිදී අපි අවම වශයෙන් මැලේසියාව, චීනය දෙස අවධානය යොමු කළ යුතුයි. ඉන් අනතුරුව සිංගප්පූරුව වැනි විශාල දියුණු තත්ත්වයකට අපට යා හැකියි . එය එක්වර සිදු කළ නොහැකියි.

මේ සඳහා අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. අද දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය දියුණු වෙලා තිබෙන්නේ මිනිස් බලය යෙදවීමෙනුයි. ඉන්දියාවත් බලාපොරොත්තු වෙනවා එම ඉලක්ක කරා ළගා වීමට. අපිත් එතැනට ගමන් කරනේ කොහොමද කියා තීරණය කළ යුතුයි.

ඒ වගේම ඉදිරි වසර 10 තුළ ආසියානු කලාපයේ රටවල අවශ්‍යතා අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඇති වෙනවා. ඊට මුහුණදීම සඳහා ස්වයංක්‍රීයකරණයට අප යොමුවිය යුතුව තිබෙන අතර ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ගමනේදී දියුණු ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව ද අපගේ කඩිනම් අවධානය යොමු විය යුතුයි.

ඒ නිසා පළමුව ම අධ්‍යාපනය, ආර්ථික රාමුව, දේශගුණ විපර්යාස, යන ක්ෂේත්‍ර තුන එකට එක් විය යුතුයි. අප තරගකාරී වුවහොත් පමණයි ඉදිරියට යා හැකි වන්නේ. අපේ අරමුණ වන්නේ ඉතාම තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
16
+1
2
+1
3
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි - අනුර ගැටුම ගැන ටිල්වින් කියද්දී නිවේදකයා වේදිකාවට ගොඩවී ටිල්වින්ව පැත්තකට කරයි
32:28
Video thumbnail
හැමෝගෙම රෙදි නැතිවෙන්න අන්තිම කතාව සැපට - සැරට කරපු නලින්ද
17:47
Video thumbnail
සෞදි අරාබි කාන්තාරයට වැටුණු හිම කැට අතර තිබූ භයානක රහස #globalnews
08:41
Video thumbnail
මැතිවරණයෙන් පසුව ලක් අම්මට - තැපැල් පෙට්ටියෙන් වෙන්න යන දේ #damitha_abeyrathna
07:33
Video thumbnail
ලාල් කාන්ත පොලීසියට චණ්ඩි පාට් දානවා #lalkantha
04:34
Video thumbnail
5 ශිෂ්‍යත්වය නැතිකරනවද? නැද්ද ?
02:13
Video thumbnail
කූඩුව ඇතුළේ බූරු ගැස්සවූ OICට වැඩ වරදී - අන්න උසාවි දාලා
03:22
Video thumbnail
අවසන් රැළියෙදි රනිල්ගෙන් මිත්‍ර - අනුරට බැණුම් වරුසාවක්
06:10
Video thumbnail
225ම හොරුනම් ජනාධිපතිත් හොරෙක් - වාහාන ගැන දිලුම්ගෙන් අනාවරණයක්
05:14
Video thumbnail
ගම්පහට ගිය විජිතගෙන් පොරොන්දු මල්ලක් #npp #akd
03:31

?