මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධිය ගැන සොයන්න ජාත්‍යන්තරයේත් සහාය – අග්‍රාමාත්‍යවරිය

මහා භාණ්ඩාගාරයෙන්, සයිබර් අපරාධකරුවන් විසින් වංචනිකව අත්පත් කරගත ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

මෙම විමර්ශන සඳහා ජාත්‍යන්තරයේ ද සහාය හිමිවන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

මහනුවර මල්වතු මහා විහාර පරිශ්‍රයේ අද (24) පෙරවරුවේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මේ සම්බන්ධව විමර්ශන සිදුකරන බවත් මීට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම සිදුවීම සම්බන්ධව සිදුකළ යුතු සියලු කාර්යන් සිදුකිරීමට අවශ්‍ය පියවර රජයක් ලෙස ගන්නා බව ද ඇය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10