රක්නා ආරක්‍ෂක ලංකා සමාගමෙන් මිලියන 111ක ලාභාංශ භාණ්ඩාගාරයට

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ප්‍රමුඛ පෙළේ ව්‍යවසායයක් වන සීමාසහිත රක්නා ආරක්‍ෂක ලංකා සමාගම (RALL), 2024/2025 මූල්‍ය වර්ෂය වෙනුවෙන් උපයන ලද ලාභයෙන් රුපියල් 111,110,014.00 ක ලාභාංශ මුදලක් ඊයේ (23) දින මහා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබුවා.

මෙයට අදාළ ලාභාංශ චෙක්පත, සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම චෙක්පත රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් දනීෂා ජයදේව වෙත නිල වශයෙන් පිරිනමනු ලැබුවා.

සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් ලාභාංශ මුදලක් පූර්ණ වශයෙන් රජය වෙත පිරිනැමීමට හැකිවීම ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර, පසුගිය වර්ෂයට සාපේක්‍ෂව සමාගමේ ශුද්ධ ලාභය 74% ක අගයකින් ඉහළ යාම මෙහිදී -විශේෂ ඇගයීමට ලක්වුණා.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), රජය සතු ව්‍යවසායයක් ලෙස ලාභ ලබමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය බෙහෙවින් අගය කළා.

සමාගමේ සම්පත් මනා කළමනාකාරීත්වයකින් යුතුව මෙහෙයවීම සහ සමස්ත කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම මෙම මූල්‍ය ජයග්‍රහණයේ රහස බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දැඩි තරඟකාරී වෙළඳපොළක් තුළ සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් රක්නා ආරක්‍ෂක ලංකා සමාගම අත්කරගෙන ඇති මෙම දියුණුව සෙසු රාජ්‍ය ආයතනවලට ද, මහඟු ආදර්ශයක් බව එතුමා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිලධාරීන් ද, එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20