රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ (08) දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 288.08 ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 301.12.ක් ලෙසටයි.

ඊයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 285.69ක් වූ අතර විකුණුම් මිල රුපියල් 298.91ක් වුණා.

ගල්ෆ් මුදල් ඇතුළු තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල ද සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබෙනවා.

CBSL rates 6


අපගේ නවතම වීඩියෝ පුවත්