අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බදියුදීන්ට එරෙහිව පෙත්සමක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් මේ මස 28 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

මේ බව දන්වා වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආශ්‍රිතව පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.

2020 වසරේ නොවැම්බර් මස 16 වනදා එහි තීන්දුව දුන් අභියාචනාධිකරණය හෙළි පෙහෙළි කරන ලද වනාන්තර සහිත ප්‍රදේශවල යළි වන වගා කිරීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකාර රිෂාඩ් බතියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නැවත වන වගා කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1067ක මුදලක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනන් බලා එම මුදල ගෙවන ලෙස රිෂාඩ් බදියුදීන්ට දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා අදාළ මුදල ගෙවා නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අධිකරණ නියෝගය පිළිපැදීම පැහැර හැර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස කොට ඇති බවට තීන්දුවක් දැන් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43