කළුතර ලැගුම්හලක පාසල් සිසුවියක් මියගිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පසුගිය 06 වනදා රාත්‍රි කළුතර, සිසිලියන් වෝක් හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී මියගොස් සිටිය දී හමුවූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

දැරිය ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමඟ කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පෙම්වතිය මෙන්ම ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු සැකකරුවන් අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
17
+1
2
+1
2
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00