spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර ලැගුම්හලක පාසල් සිසුවියක් මියගිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

පසුගිය 06 වනදා රාත්‍රි කළුතර, සිසිලියන් වෝක් හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී මියගොස් සිටිය දී හමුවූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

දැරිය ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමඟ කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ නාගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පෙම්වතිය මෙන්ම ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු සැකකරුවන් අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
17
+1
2
+1
2
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?