නාඳුනන මළ සිරුරක් හලාවත කලපුවේ (ඡායාරූප)

නාඳුනන පිරිමි මළ සිරුරක් හලාවත කලපුවේ පා වෙමින් තිබියදී අද (22) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

අදාළ මළ සිරුර ධීවරයෙකු විසින් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දුන් බවයි හලාවත පොලීසිය සඳහන් කළේ.

පොලීසිය පවසන්නේ මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 40 – 45 අතර වයසේ පසුවන අයෙකුගේ බවට සැක කෙරෙන බවයි.

මෙලෙස සොයාගත් නාඳුනන මළ සිරුර සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වර්තා කිරීමට කටයුතු කරන බවයි හලාවත පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.