හම්බන්තොට වෙඩි තැබීමක්

හම්බන්තොට – සුචි ගම්මානයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.