අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ සිදුකෙරුණා.
කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවති මෙම ආදාහන පූජෝත්සවය සිදුකෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.
මහා නා හිමියන්ගේ ආදාහන උත්සවයේ කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පස්වරු 3.00 ට පමණ ආරම්භ වූ අතර, ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් මැයි 16 වනදා රෝගාතුරව රෝහල්ගත කිරීමෙන් පසුව අපවත් වුණා.
ඒ, වන විට උන්වහන්සේ 84 වන වියේ පසු වුණා.













