තරුණ ජීවිත මත්කල පුද්ගලයෙකුට අද අධිකරණය දුන් දඬුවම

කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

සිර දඬුවම් නියම වූ මෙම විත්තිකරු ඇප ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට අධිකරණය මගහැර සිටිනවා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා එම වරෙන්තු පිටපත පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසත් නියම කළා.

2013 වසරේ මාර්තු මස 29 දා මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 48 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබුණු බව සඳහන් කළ.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?