මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ තවත් අයෙකුට එරෙහිව මොරටුව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් අද (16) දින නිකුත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව අද දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව ද ගරු අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටින ලදි.

මෙම නඩුව මැයි මස 30 වන දින යලි කැඳවීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00