මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ තවත් අයෙකුට එරෙහිව මොරටුව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් අද (16) දින නිකුත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව අද දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව ද ගරු අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටින ලදි.

මෙම නඩුව මැයි මස 30 වන දින යලි කැඳවීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46