බන්ඩි පොහොර මිල 4,500කින් අඩුකෙරේ

බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පසුගිය මහ කන්නයේ දී රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබුවා.

එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ මිලකට අලෙවි කළා.

නමුත් මෙවර යල කන්නයේ දී ගොවි නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණ පෙරදැරිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (15 ) දිනයේ සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබෙනවා.

බන්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදු කරන අතර තමන්ට පහසු දිනයක බන්ඩි පොහොර මිල දී ගැනීමට ගොවීන්ට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සළසා තිබේ.

මේ අතර තමන්ට වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල දී කඩිනමින් ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41