අධිකරණ වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

සොරකම් නඩු එකොළහක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගැනිමට හොරණ මූලස්ථාන පොලිසිය සමත්වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ප්‍රධාන පෙළේ අපරාද කරුවෙකි.

සැකකරු පොල් කඩන මුවාවෙන් හොරණ පොලිස් බල ප්‍රදේශයේ සැරිසරා නිවාස 11 දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටී පුද්ගලයෙකි. සැකකරුට එරෙහිව තිබූ එම නඩු 11 ට ඉදිරිපත් නොවී අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරු අඟුරුවාතොට වැලිකැටල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක තැනැත්තෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 35477 ලලිත් මහතා පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?