අධිකරණ නියෝග කඩකල ආපන ශාලාවක් වසා දමයි

අධිකරණයෙන් දෙන ලද නියෝග නොසලකා හරිමින් දිගින් දිගටම අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටලයක් වසා දැමිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (11) නියෝග කර තිබෙනවා.

මෙසේ වසා දැමිමට නියෝග කරනු ලැබුවේ ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට ගාමිණි මාවතේ පිහිටි ආපන ශාලාවක්.

මෙම ආපන ශාලාව පළමු වරට මාර්තු 30 වන දින පරික්ෂා කරන ලද ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එහි අපිරිසිදු තත්වයන් පිළිබඳ චෝදනා අටක් යටතේ අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදි එම චෝදනා නිවැරදි කිරිම සඳහා මාරතු 30 වන දින දක්වා කල් ලබාදි තිබෙනවා.

එහෙත් එම කාලය තුල එම පිරිසිදු කිරිම නොකිරිම නිසා නැවත මැයි මස 03 වන දින අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර එහිදි තවත් සතියක කාලයක් ලබාදි තිබෙනවා.

එහෙත් දෙවරක්ම අධිකරණය විසින් දෙන ලද නියෝග පැහැර හරිමින් එම නියෝග අනුව කිසිදු චෝදනාවක් නිවැරදි නොකර තිබින නිසා අද නැවත වරක් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු සියලු කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ආපන ශාලාව වසා දැමිමට නියෝග කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?