අධිකරණ නියෝග කඩකල ආපන ශාලාවක් වසා දමයි

අධිකරණයෙන් දෙන ලද නියෝග නොසලකා හරිමින් දිගින් දිගටම අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටලයක් වසා දැමිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (11) නියෝග කර තිබෙනවා.

මෙසේ වසා දැමිමට නියෝග කරනු ලැබුවේ ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිට ගාමිණි මාවතේ පිහිටි ආපන ශාලාවක්.

මෙම ආපන ශාලාව පළමු වරට මාර්තු 30 වන දින පරික්ෂා කරන ලද ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එහි අපිරිසිදු තත්වයන් පිළිබඳ චෝදනා අටක් යටතේ අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදි එම චෝදනා නිවැරදි කිරිම සඳහා මාරතු 30 වන දින දක්වා කල් ලබාදි තිබෙනවා.

එහෙත් එම කාලය තුල එම පිරිසිදු කිරිම නොකිරිම නිසා නැවත මැයි මස 03 වන දින අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර එහිදි තවත් සතියක කාලයක් ලබාදි තිබෙනවා.

එහෙත් දෙවරක්ම අධිකරණය විසින් දෙන ලද නියෝග පැහැර හරිමින් එම නියෝග අනුව කිසිදු චෝදනාවක් නිවැරදි නොකර තිබින නිසා අද නැවත වරක් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු සියලු කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ආපන ශාලාව වසා දැමිමට නියෝග කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05