බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කරන ලද විදේශිකයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම පෙරේදා (10) රුපියල් අසු දහසක (80000) දඩයක් නියම කර තිබෙනවා.
මෙසේ දඩ නියම වුයේ එංගලන්ත ජාතිකයකුටය.
ඔහු පදවාගෙන පැමිණි ජිප් රථය පාලනය කර ගැනිමට නොහැකිව හබරාදුව නගරයේදි කාන්තාවක් විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයේ හැපි අනතුරක් සිදුව ඇති අතර එහිදි අනාවරණයවි ඇත්තේ විදේශිකයා බිමත්ව සිට ඇති බවය.
එනිසා සැකකරු කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කල අවස්ථාවේ බිමත්කම පරික්ෂා කිරිම සඳහා සැකකරු අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
පසුව ඔහු හබරාදුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් බිමත්ව රිය පදවා අනතුරක් කිරිම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනව බවයි අප වාර්තාකරු පැවසුවේ.




