දියලුම දිය ඇල්ලේ කෑම්පින් කල තරුණ යුවලකට වනඅලි ප්‍රහාරයක්(ඡායාරූප)

කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශය රාත්‍රි කඳවුරු සඳහා සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියකට පත් ප්‍රදේශයක්.

එම ප්‍රදේශයේ රාත්‍රි කදවුරක් සඳහා ඊයේ දින තරුණ යුවලක් පැමිණ ඇති අතර ඊයේ රාත්‍රි ඔවුන් සිටි කුඩාරමට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
15
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?