පොල් හොරකමේ ආ අයෙකුට වෙඩි ප්‍රහාරයක්

පොල් හොරකම් කිරීම සඳහා ගොස් සිටි කණ්ඩායමක් අතර සිටි අයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා සදලංකාව රෝහලට ඇතුළත් කර ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කොස්වත්ත – පොතුවටවන පදිංචිකරුවෙක්.

පසුගිය 10 වෙනිදා සවස 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොස්වත්ත – පොතුවටවන ප්‍රදේශයේ පිහිටි වත්තකට පොල් හොරකම් කිරීම සදහා ගොස් ඇත.ඔවුන් පොල් හොරකම් කර ආපසු යමින් සිටින විට වත්තේ මුරකරු ඒ බව දැක වෙඩි තබා තිබෙනවා.

එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර,අනෙක් සිව් දෙනා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය ප්‍රතිකාර නොගෙන නිවසට වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කොස්වත්ත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇති අතර
ඊයේ (11) වෙනිදා සවස පොලීසිය ගොස් තුවාල ලබා සිටි අයගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

තුවාලකරුගේ පාදයක තිබී කුරුළු මූනිස්සම් 04 ක් ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ වත්තේ ආරක්ෂාව සදහා නිකුත් කර තිබූ බලපත්‍ර සහිත ගිනි අවියකින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?