ජාත්‍යන්තර පොලීසියේ සඳහන් ගුවන් ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යයට පැන යාමට ආ ශ්‍රී ලාංකිකයා

ජාත්‍යන්තර පොලීසියේ සඳහන් බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , බ්‍රිතාන්‍යය වෙත පළා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊ‍යේ (11) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කම්කරු වෘත්තියේ නියුතු මුලතිව් , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණයෙක්.

මොහු ඉකුත් අප්‍රේල් 09 දින ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඉන්දියාව වෙත ගොස් ඇත්තේ , එහි වෙසෙන සිය මාමා ලවා බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර ගැනීමටයි.

ඒ අනුව ඉන්දියාවේ තැරැව්කරුවෙකු බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුව සූක්ෂම ලෙස ඉවත් කර ඒ වෙනුවට මෙම ශ්‍රී ලාංකික තරුණයාගේ තොරතුරු ඇතුළත් කර මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දී තිබුණි.

පසුව ඔහු ඊයේ 11 දින දහවල් 12.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් , එසේ කූඨ ලෙස සකස් කළ බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කර ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රයට අදාළ වීසා නිකුත් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් එම තොරතුරු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කරත් දී , මෙය ජාත්‍යන්තර පොලීසියේ සඳහන් , බ්‍රිතාන්‍යය ජාතිකයෙකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රය බවට තොරතුරු අනාවරණය වී තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව ඔහුගේ ගමන් මල්ල ආගමන විගමන නිලධාරීන් විසින් සෝදිසි කර බලත් දී , ඒ තුළ තිබී මෙම තරුණයාගේ සැබෑ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ද සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

එම සිදු වීමෙන් පසුව මෙම තරුණයා සහ ඔහු විසින් කූඨ ලෙස සකස් කර ගෙන තිබූ බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රය ද , වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38