යාපනයේ ළිඳකින් තිදරු මවකගේ මළ සිරුරක් හමුවෙයි

යාපනය,කෝපායි,උරුම්පිරායි ප්‍රදේශයේ ළිඳක තිබි තිදරු මවකගේ මළ සිරුරක් ඊයේ (11) සොයාගත් බව යාපනය කෝපායි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කාන්තාව 10 වැනිදා රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර, ස්වාමිපුරුෂයා උදැසන අවදිවි බලන අවස්ථාවේ බිරිඳ නිවස තුළ සිට නොමැති බව දැක ඇති බවත් අනතුරුව ස්වාමිපුරුෂයා බිරිඳ සොයා පරීක්ෂා කොට ඇති අතර,එහිදි නිවස ආසන්නයේ ළිඳක තිබි මළ සිරුර සොයාගත් බව ස්වාමි පුරුෂයා පොලිසිය වෙත පවසා ඇති බවයි.

යාපනය,උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි තිදරු මවක් එලෙස මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවත් අදාළ මරණය සියදිවි නසා ගැනීමක්ද ? ඝාතනයක්ද සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38