යාපනයේ ළිඳකින් තිදරු මවකගේ මළ සිරුරක් හමුවෙයි

යාපනය,කෝපායි,උරුම්පිරායි ප්‍රදේශයේ ළිඳක තිබි තිදරු මවකගේ මළ සිරුරක් ඊයේ (11) සොයාගත් බව යාපනය කෝපායි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කාන්තාව 10 වැනිදා රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර, ස්වාමිපුරුෂයා උදැසන අවදිවි බලන අවස්ථාවේ බිරිඳ නිවස තුළ සිට නොමැති බව දැක ඇති බවත් අනතුරුව ස්වාමිපුරුෂයා බිරිඳ සොයා පරීක්ෂා කොට ඇති අතර,එහිදි නිවස ආසන්නයේ ළිඳක තිබි මළ සිරුර සොයාගත් බව ස්වාමි පුරුෂයා පොලිසිය වෙත පවසා ඇති බවයි.

යාපනය,උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි තිදරු මවක් එලෙස මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවත් අදාළ මරණය සියදිවි නසා ගැනීමක්ද ? ඝාතනයක්ද සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?