කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ සහාය

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකඟතාවය පළ කර තිබෙනවා.

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස්කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බවයි නීතීඥ සංගමයයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක නීතීඥ කනිශ්ක වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

කම්කරු නීතිය කඩිනමින් වෙනස් විය යුතු අතර එය රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජුව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් මගින් තිරසර ව්‍යවසායකත්වයන්ට සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බැවින් කම්කරුවන්ගේ සුබසාධනය සහ වඩා හොඳ ජීවන තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු සදහන් කළේ.

කාන්තා ශ්‍රම සහභාගීත්වය,තරුණ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවදානයක් යොමු කර නව කම්කරු නීතිය වෙනස්විය යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සේවය අවසන් කිරීමේ පනත වැනි යල් පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද නීතීඥ කණිෂ්ක වීරසිංහ සඳහන් කළා.

මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රමිකයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි වැඩවසම් ශ්‍රමිකයා වෙනුවට නූතන අනාගතවාදී ශ්‍රමිකයෙකු බිහි කිරීමට අවශ්‍ය සියළු නීති හා අණපනත් හඳුන්වා දීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46