කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පූර්ණ සහාය

රටේ අනාගතය වෙනුවෙන්, සරල, ශක්තිමත්, යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් ගෙන ඒම සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය එකඟතාවය පළ කර තිබෙනවා.

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස්කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බවයි නීතීඥ සංගමයයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක නීතීඥ කනිශ්ක වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

කම්කරු නීතිය කඩිනමින් වෙනස් විය යුතු අතර එය රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජුව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

යාවත්කාලීන වූ කම්කරු නීති පද්ධතියක් මගින් තිරසර ව්‍යවසායකත්වයන්ට සහාය ලබාදෙන පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන බැවින් කම්කරුවන්ගේ සුබසාධනය සහ වඩා හොඳ ජීවන තත්වයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු සදහන් කළේ.

කාන්තා ශ්‍රම සහභාගීත්වය,තරුණ ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවදානයක් යොමු කර නව කම්කරු නීතිය වෙනස්විය යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සේවය අවසන් කිරීමේ පනත වැනි යල් පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද නීතීඥ කණිෂ්ක වීරසිංහ සඳහන් කළා.

මෙම අවස්ථාවට එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රමිකයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි වැඩවසම් ශ්‍රමිකයා වෙනුවට නූතන අනාගතවාදී ශ්‍රමිකයෙකු බිහි කිරීමට අවශ්‍ය සියළු නීති හා අණපනත් හඳුන්වා දීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46