ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

අනතුරුව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.

පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආශිර්වාද පළ කළ ලන්ඩන් බෞද්ධ විහාරය වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51