කජුගම ප්රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
අද උදෑසන මෙම අනතුර සිදු වූයේ මහනුවර සිට මීගමුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට මුතූර් බලා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි.
අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරන් දෙදෙනා සහ කාන්තාවන් 7 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු වනවා.
ඉන් 23 දෙනෙකු වතුපිටිවල රෝහලටත් 4 දෙනෙකු වරකාපොළ රෝහලටත් ඇතුලත් කෙරුණා.
වතුපිටිවල රෝහලට ඇතුලත් කර සිටි 6 දෙනෙකු ප්රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
4
+1
3
+1
1
+1
2