ග්‍රාමසේවා නිලධාරීන්ට ජනාධිපතිතුමාගෙන් සුබපැතුම්

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර වසර 60ක් සපිරෙන අද දින, එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපතිතුමන් සුබපැතුම් එක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා.