සැබෑ කම්කරුවන් කැඳවා ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් අද ගලිගමුව කොටියාකුඹුර නගරයේදී පැවැත්වු බව අප වාර්තාකරු පැවසුවා.
ගලිගමුව ප්‍රාදේශීය සභාවේ කසල එකතු කිරිමේ කටයුත්තේ නියැලෙන කම්කරුවන් 12දෙනෙකු ඇගයීමට ලක්කර සමරු තිලිණ හා තෑගි ප්‍රධානයක් මෙහිදී සිදුවි තිබෙනවා.
මෙය සංවිධානය කර තිබුණේ කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාව හා කොටියාකුඹුර වෙළද ව්‍යාපාරිකයන් ය.
මේ අවස්ථාව සඳහා ගලිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන සහකාර කොමසාරිස්, ගලිගමුව ප්‍රාදේශීය සභා ලේකම්, තරුණ සේවා නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද කොටියාකුඹුර වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක්ද එක් වි තිබෙනවා.
මෙහි ප්‍රධාන අමුතා වුයේද කම්කරුවෙක් වන අතර ඔහු ජාතික කොඩිය එසවීම, පොල්තෙල් පහන දැල්වීම සිදු කර තිබෙනවා.













