පාපන්දු බූට් යුගළක් ගෙනවිත් නොදුන්නාට පාසල් සිසුවා දිවි නසාගෙන

14 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිසුවා ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර, සිසුවාගේ මළ සිරුර ඊයේ (24) සොයාගත් බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසුවේ.

පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය සපත්තු යුගළක් පියා විසින් ගෙනැවිත් නොදීමට හේතුවෙන් ඊට කෝපයට පත්ව සිසුවා මෙලෙස සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමුකර ඇති බව සඳහන්.