දප්පුල අදවත් එයි ද ? නො පැමිණියොත් අධිකරණ ක්‍රියාමාර්ග

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අද (24) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 19 සහ 21 වනදා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු එම දියනවලදී පැමිණ සිටියේ නැහැ.

ඔහු වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

යම් හෙයකින් අද දිනයේ හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්