08 හැවිරිදි සාමණේර හිමිට තවත් හිමිවරු තිදෙනෙක් අමානුෂික වද දීලා – සාමණේර හිමි රෝහලේ (ඡායාරූප)

ගම්පොල – පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක විසූ සාමණේර හිමිනමකට තවත් හිමිවරු තුන්නමක් විසින් අමානුෂික අයුරින් වද හිංසා පැමිණවීම හේතුවෙන් සාමණේර හිමිනම ප්‍රථිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වද හිංසාවන්ට ලක්ව ඇත්තේ පැවිදි වී දින 45ක් වූ 08 හැවිරිදි සාමණේර හිමිනමක් බවයි වාර්තා වන්නේ.

බුද්ධ පූජාව තැබීමේදී ගාථා වරදින බව කියා අදාළ හිමිවරු තුන්නම විසින් සාමණේර හිමිනමට මෙලෙස පහර දී වද හිංසා පමුණුවා ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සාමණේර හිමියන්ගේ සීයා සහ මිත්තණිය එම හිමියන් වැඩ විසූ විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී සාමණේර හිමියන් යම් අපහසුතාවයකින් සිටින බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඔවුන් විසින් ඒ පිළිබඳව විහාරාධිපති හිමි පවසා ඇති අතර, එහිදී සාමණේර හිමිට බෙහෙත් අරන් දෙන බවයි විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව කුඩා සාමණේර හිමිගෙන් විස්තර දැනගත් සීයා ඒ පිළිබඳව උන්වහන්සේගේ ලොකු තාත්තාට දන්වා තිබෙනවා.

පසුව ඔවුන් පැමිණ සාමණේර හිමියන් පසුගිය 20 වනදා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව 22 දින පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්දිය සම්බන්ධයෙන් සාමණේර හිමියන්ගේ පියා වන අමරසිරි දිසානායක දැක්වූයේ මෙවන් අදහසක්.

“මේ ගැන ගම්පොල රෝහල් පොලිසියට කීවා. පස්සේ පුස්සැල්ලාව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියාම එහෙන් කීවා රෝහල් පොලිසියට කිව්ව නිසා අවශ්‍ය නෑ පරීක්ෂණ සිදුකරනවා කියලා. පොඩි හාමුදුරුවෝ ඉස්කෝලේ දෙකේ පංතියේ ඉගෙන ගන්න ගමන් තමයි මහණ වුණේ. මහණවෙලා තාම මාස එකහමාරයි. ලොකු හාමුදුරුවෝ නැති වෙලාවට පන්සලේ ඉන්න අනෙක් හාමුදුරුවරු අපේ පොඩි හාමුදුරුවන්ට බුද්ධ පූජාව තියන්න කියනවලු, තාම ඒවා පුරුදු නැති නිසා ගාථා පැටලෙනවා ඒ ගැන කියලා දවස් ගානක් මේ හාමුදුරුවෝ තුන්දෙනා පොඩි හාමුදුරුන්ට ගහලා වද දීලා.බෝතලයකට මුත්‍රා කරලා පොවලා. බිමට දෙහි දාලා දිවෙන් ඒවා ලෙව කන්න කියලා. කණ ඇදලා ඉරල කොසු කැඩෙනකම් ගහලා. තට්ටම්වල ලොකු තුවාල නහයට ගහලා නහයත් කඩල දැන් නහය ඇද වෙලා තියෙන්නේ. නහයෙන ලේ හුගක් ගියා කියලා පොඩි හාමුදුරුවෝ කිව්වා. ගහලා තුවාල උනාම දැවිල්ල එන්න නාවලා. ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වොත් මරනවා කියලා තියෙනවා. දවස් ගානක් මෙහෙම ගහලා ශරීරයේ තුවාල සීයකට වැඩිය තියෙනවා.අපි කියන්නේ මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා කටට ගහලා දතක් ගැලවිලා තොල් පුපුරලා, දරුවා ශාසනයට පූජා කළේ මෙහෙම දුක් විඳින්න නෙවෙයි. දැනට දවස් ගානක් ගිහිල්ලත් තාම නීතියත් හරියට ක්‍රියාත්මක නෑ.”

1 11
2 13
3 10
4 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40