ඇලපාත, හංගමුව ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත ඇලපාත පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.
දැරියගේ මරණය සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නිරීක්ෂණය වීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ ඉලුක්තැන්න, රත්න, හංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි දැරියක්.
මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රත්නපුර රෝහලේ තැන්පත්කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බධයෙන් ඇලපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













