මරදන්ඩවල නිවසක් තුළ මළ සිරුරක්

මරදන්ඩවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියක දී අදාළ නිවස තුළ නරක් වී තිබූ මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස නිවස තුළ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ නුවර පාර, මරදන්කඩවල ලිපිනයේ පදිංචි වයස අවු 65 ක් වන සින්නදොරේ යෝගරාසා නැමැති අවිවාහක පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයා දින කිහිපයක සිට එම නිවසේ තනිව ජීවත්ව සිටිය දී මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මෙම මරණය ඝාතනයක්ද, සියදිවිනසා ගැනීමක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුර අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12