මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා.

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ “අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු” යන්නයි.

ඒ, අනුව අද දිවයින පුරා විවිධ සැමරුම් උත්සව සංවිධාන කර ඇති බවයි වාර්තා වුණේ.

ජගත් මිහිතල දිනය 1970 වසරේ අප්‍රේල් 22 වනදා ආරම්භ වූ අතර, ඇමරිකාවේ සෙනෙට් සභිකයෙකු වූ ගෙලෝර්ඩ් නෙල්සන් එහි සමාරම්භකයා ලෙස සැළකෙනවා.

ලොව පුරා රටවල් 193ක මෙම ජගත් මිහිතල දිනය සැමරීම සිදුකරණු ලබනවා.